පොළොන්නරුව අත්තනකඩවල ජාතික පාසල

සිංහභාහු වේදිකා නාට්‍ය නැරඹීම සඳහා සහභාගීවූ සිසු දරු දැරියන්

2023(2024)් අ.පො.ස (සාමාන්‍ය පෙල) විභාගය සදහා දෙවන පෙරහුරු පරීක්ෂණය

පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2024

නර්තන තරග ජයග්‍රහණ

Zonal level Englishday Competitions 2024

අද දින සිට 6-9 ශ්‍රේණි සඳහා 2024 දෙවන වාර විභාගය ආරම්භ කෙරේ.

විද්‍යාලයීය 74 වන සංවත්සරය

2024 පො/අත්තනකඩවල මහා විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ දිවුරුම් දීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
WhatsAppImage2024-03-21at125516PM.jpeg
photoforslider.jpeg

විදුහල්පති පණිවිඩය

සී.ටී.රත්නායක

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, හිගුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ, ඇලහැර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇති පො/අත්තනකඩවල ජාතික පාසල 1951.10.01 දින ආරම්භ කරන ලද්දකි.

විශ්ව ගම්මානයට ඔබින යහපත් පුරවැසියෙක් යන දැක්ම පෙරටු කොට ගෙන ක්‍රියාත්මක වන අප පාසල වර්තමානය වන විට ගුරු මහත්ම මහත්මින් 51 දෙනෙකුගෙන් යුත් අධ්‍යයන කාර්ය මණ්ඩලයකින්ද, 5 දෙනෙකුගෙන් යුත් අනධ්‍යයන කාර්ය මණ්ඩලයකින් ද යුක්ත වන අතර සිසු සිසුවියන් දහසකට අධික ප්‍රමාණයකට ඉගෙනුම් අවස්ථා සපයනු ලබයි.

අප පාසල විසින් බිහිකරන සිසු සිසුවියන් හුදෙක් පොළොන්නරුවට පමණක් ගැලපෙන අය නොව, ලංකාවට පමණක් ගැලපෙන අය නොව, විශ්ව ගම්මානයටම ගැලපෙන පුරවැසියන් විම අපගේ බලාපොරොත්තුවයි. මේ සදහා තාක්ෂණය උපරිම වශයෙන් භාවිතා කිරිමට අප උනන්දුවක් දක්වයි.

දත්ත මත පදනම්ව තිරණ ගැනිම, සැලසුම් කිරිම හා  ඒවා ක්‍රියාත්මක කිරිම අපගේ අපේක්ෂාව වන අතර දත්ත ඒක් රැස් කිරිම, ඒවා විශ්ලේෂණය කිරිම, හා අදාල පාර්ශව වෙත යොමු කිරිම සදහා තොරතුරු තාක්ෂණය යොදා ගැනිම අපට පහසුවකි. අප පාසලේ වෙබ් අඩවිය මේ සදහා තෝතැන්නක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

සී.ටී.රත්නායක
විදුහල්පති
පො/අත්තනකඩවල ජාතික පාසල.