නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඒල්.වී.ඒම්.ඒස්.ජයවික්‍රම මයා
පුරාණ රජ දරුවන් ඇලහැර ඇල හරවා ඉන් ලැබෙන දිය දහරින් පෝෂණය කල නූතන මොරගහකන්ද ජලාශයෙන් පෝෂණය වන ගොවිබිම් අස්වැද්දු ගොවිජනතාවගේ දරුවන්ට “විශ්ව ගම්මානයට ඔබින දරු කැලක්” යන දැක්ම යටතේ නව ලෝකයට අධ්‍යාපනයෙන් පාර පෙන්වන අප පාසල, කීර්තිමත් ආදි ශිෂ්‍යයන් රැසකින් පොහොසත්ව විවිධ දක්ෂතා ඇති දරුවන්ගේ කැපවීමෙන් ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් ලෙස කැපී පෙනේ.
අප පාසල නව ලෝකයට විවර කිරිමට හැකි වන පරිදි සකස් කළ මෙම වේබ් අඩවිය අත්තනකඩවල ජාතික පාසල තව තවත් ඔසවා තැබීමට ප්‍රායෝජනවත් වන බව මාගේ හැගීමයි. එසේම මෙම වේබ් අඩවිය සකස් කිරිමට දායක වු ගුරු භවතුන්ට දරුවන්ට හා කැප වු සැමට මාගේ ප්‍රණාමය පුදකරන අතර මේ සදහා දායක වන දරුවන්ගේ ඉදිරි අනාගතය තොරතුරු තාක්ෂණ ක්‍රේත්‍රයේ ඉදිරියට යාමට පාසලට සුභ පතන්නන්ගේ සහයෝගය අපේක්ෂා කරමි.
ඒල්.වී.ඒම්.ඒස්.ජයවික්‍රම මයා
නියෝජ්‍ය විදුහල්පති
පො/අත්තනකඩවල ජාතික පාසල.








